පෑන් ඒෂියා බැංකුවේ සභාපතිවරයා, ජ්යෙෂ්ඨ කළමනාකාරීත්වය සහ කාර්ය මණ්ඩලය 2020 වසරේ පළමු වැඩ කරන දිනය වූ 2020 ජනවාරි 01 වැනි දින කොල්ලුපිටියේ පිහිටි එහි ප්රධාන කාර්යාලයේදී උත්සවාකාරයෙන් අලුත් අවුරුද්ද පිළිගත්තා.
මෙම විශේෂ අවස්ථාවේදී කාර්ය මණ්ඩලය අමතමින් සභාපති GARD ප්රසන්න මහතා 2019 වසර තුළ සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයින් විසින් ලබා දුන් අඛණ්ඩ සහයෝගය සහ නොපසුබට උත්සාහය අගය කළ අතර 2020 වසර තුළදී ද එම සහයෝගය අපේක්ෂා කරන බව වැඩිදුරටත් පැවසීය.
බැංකුවේ අධ්යක්ෂ/ප්රධාන විධායක නිලධාරී නිමල් තිලකරත්න මහතා ද උත්සව සභාව අමතමින් ප්රකාශ කළේ "පෑන් ඒෂියා කණ්ඩායමේ ආධ්යාත්මය පිළිබඳව මට දැඩි විශ්වාසයක් පවතින අතර ඉදිරි වසර තුළදී තවත් ඉහළ තලයකට පැමිණීමට බලාපොරොත්තු වන" බවයි.
නව වසර උදාව සනිටුහන් කරමින් දිවයින පුරා පිහිටි සියලුම පෑන් ඒෂියා බැංකු ශාඛාවන්හි කාර්ය මණ්ඩලය විසින් ආගමික වතාවත් ද පවත්වන ලදී.
Pan Asia බැංකුව හොඳම මූල්ය සේවා සපයන අතරම, රට පුරා සිටින සිය වටිනා ගනුදෙනුකරුවන්ට සහ සියලුම ශ්රී ලාංකිකයින්ට 2020 සුභ සහ සෞභාග්යමත් නව වසරක් වේවායි ප්රාර්ථනා කිරීමට මෙය අවස්ථාවක් කර ගනී.