About us Sri Lanka - Pan Asia Banking Corporation

අපි ගැන

පෑන් ඒෂියා බැංකුව ගැන

Pan Asia බැංකුවේ සාර්ථකත්වයේ රහස වන්නේ මූල්‍ය වත්කම්, ජාත්‍යන්තර නිෂ්පාදන සහ සේවා සැපයීම මෙන්ම සෑම පාරිභෝගික ගනුදෙනුවක් කෙරෙහිම පවතින සජීවී වටිනාකමයි. ශ්‍රී ලංකාවේ බැංකු ක්‍ෂේත්‍රයේ පුරෝගාමියෙකු ලෙස පෑන් ඒෂියා බැංකුව ප්‍රථමයෙන්ම තාක්ෂණික වේදිකා හරහා ණය හා අද්විතීය නිෂ්පාදන සහ සුපිරි බැංකු සේවා සපයනු ලබයි. බැංකුව සැබෑම ශ්‍රී ලාංකික බැංකුව ලෙස සිය සන්නාම ස්ථාන ගත කර ඇති අතර එහි සත්‍යතාවය පසක් කරමින් අභිලාෂකාමී, ඵලදායි , ගෞරවනීය සිය සම්ප්‍රදායික වටිනාකම් ඉහළ නංවමින් අද්විතීය කීර්තියක් සහ සංස්කෘතියක් බැංකුව තුළ වර්ධනය කර ඇත.

සුරක්ෂිතභාවය සහ මූල්‍ය වත්කම් මගින් ගනුදෙනුකරුවන් සමෘද්ධිමත්භාවය වෙත කැඳවාගෙන යාමට අත්වැලක් වෙමින් බැංකුව හා බැඳී සිටින මහජනතාව බැංකුවේ ජීවනාලියයි.

බැංකුව මූල්‍ය කාර්ය සාධනය ශක්තිය සහ ඔරොත්තු දීමේ හැකියාව මගින් ස්ථාවරත්වය ගොඩ නගාගෙන ඇත. එය ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම බැංකුවක් නැගී සිටීමට හේතු වී තිබේ. පෑන් ඒෂියා බැංකුවේ වර්ධනය සහ අවදානම පිළිබඳ විචක්ෂණශීලිභාවය බැංකු ක්ෂේත්‍රයේ වඩාත්ම අභියෝගාත්මක වසර තුළ පවා බැංකුවේ නව්‍යකරණයේ සහ වර්ධනයේ කොඳු නාරටිය ලෙස ශක්තිමත්ව සේවය ලබා දී ඇත.

පෑන් එශියා බැංකුවේ සමෘද්ධිමත්භාවය එය සේවය කරන ප්‍රජාවන් සමඟ නොවෙනස්ව බැඳී පවතින අතර, තිරසාර ව්‍යාපෘති සඳහා මූල්‍යකරණය කිරීම සහ ප්‍රජාවන් නඟා සිටුවීම සඳහා අර්ථවත් ආයතනික සමාජ වගකීම් ව්‍යාපෘති හරහා අභියෝගවලට විශ්වාසයෙන් යුතුව මුහුණ දීමට ඔවුන්ට උපකාර කරයි.

ලියාපදිංචි අංක

PQ 48

ශ්‍රේණි ගත කිරීම

Fitch ශ්‍රේණිගත කිරීම BBB- (lka) - Outlook 'ස්ථායී'

Swift කේතය

PABSLKLX

ඉක්මන් සබැඳි

මෙවලම් සහ කැල්කියුලේටරය

අන්තර්ජාල බැංකුකරණය

ශාඛා ජාලය

අයදුම්පත්

විනිමය අනුපාත

E-statements

අන්තර්ගතය වෙත යන්න