News & Events Sri Lanka - Pan Asia Banking Corporation

පුවත් සහ සිදුවීම්

පෑන් ඒෂියා බැංකුව 2021 සාදරයෙන් පිළිගනී

පෑන් ඒෂියා බැංකුවේ සභාපතිවරයා, ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහ කාර්ය මණ්ඩලය 2021 වසරේ පළමු වැඩ කරන දිනය වූ 2021 ජනවාරි 01 වැනි දින කොල්ලුපිටියේ පිහිටි එහි ප්‍රධාන කාර්යාලයේදී උත්සවාකාරයෙන් අලුත් අවුරුද්ද පිළිගත්තා.

සභාපති GARD ප්‍රසන්න මහතා Zoom හරහා කාර්ය මණ්ඩලය අමතමින්, 2020 වර්ෂය තුළ සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයින් විසින් ලබා දුන් අඛණ්ඩ සහයෝගය සහ නොපසුබට උත්සාහය පිළිගත් අතර, 2021 වසර තුළදී ද එම සහයෝගය අපේක්ෂා කරන බව වැඩිදුරටත් පැවසීය.

බැංකුවේ අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී නිමල් තිලකරත්න මහතා ද කාර්ය මණ්ඩලය අමතමින් ප‍්‍රකාශ කළේ "පෑන් ඒෂියා කණ්ඩායමේ ආත්මය කෙරෙහි මට දැඩි විශ්වාසයක් ඇති අතර ඉදිරි වසර තුළදී තවත් ඉහළ තලයකට යාමට බලාපොරොත්තු වන" බවයි.

දිවයින පුරා පිහිටි සියලුම පෑන් ඒෂියා බැංකු ශාඛාවන්හි කාර්ය මණ්ඩලය ද නව වසර උදාව සනිටුහන් කරමින් උත්සව පැවැත්වීය.

සැබෑ ශ්‍රී ලාංකේය බැංකුව ලෙස Pan Asia බැංකුව, හොඳම මුල්‍ය සේවා සපයන අතරම, රට පුරා සිටින සිය වටිනා ගනුදෙනුකරුවන්ට සහ සියලුම ශ්‍රී ලාංකිකයින්ට 2021 සුභ සහ සෞභාග්‍යමත් නව වසරක් වේවායි ප්‍රාර්ථනා කිරීමට මෙය අවස්ථාවක් කර ගනී.

ඉක්මන් සබැඳි

මෙවලම් සහ කැල්කියුලේටරය

අන්තර්ජාල බැංකුකරණය

ශාඛා ජාලය

අයදුම්පත්

විනිමය අනුපාත

විද්‍යුත් ප්‍රකාශන

අන්තර්ගතය වෙත යන්න