පෑන් ඒෂියා බැංකුව, මෙරට ප්‍රමුඛතම වාහන අලෙවි සමාගමක් වන DIMO සමඟ එක් වෙමින්, වාණිජ වාහන සඳහා සුවිශේෂී ලීසිං ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරන අතර, වැඩි පාරිභෝගික සහභාගිත්වයක් සහ වේගවත් ලීසිං අනුමැති ලබා දීමේ ක්‍රියාවලියක් තුළින් කාර්යක්ෂම ලීසිං සේවාවක් ලබා දීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට \\\'සජීවී QR පාදක පාරිභෝගික විමර්ශන ප්‍රතිචාර පද්ධතියක් (CRIS)\\\' හඳුන්වා දීම මෙහි ඇති විශේෂත්වයයි. ශ්‍රී ලංකාවේ වර්ධනය වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්රය සහ ඒ ආශ්රිත සැපයුම් අංශය ලීසිං පහසුකම් වෙත ප්‍රවේශය සරල කිරීම සඳහා මෙම ඩිජිටල් නවෝත්පාදන සේවාව සුවිශේෂී වන අතර, මේ පිළිබඳ ව පෑන් ඒෂියා බැංකුව සහ DIMO සමාගම සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම පසු ගිය දා පෑන් ඒෂියා බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ දී සිදු කෙරිණි.
අලුතින් හඳුන්වා දුන් සජීවී QR පාදක පාරිභෝගික විමර්ශන ප්‍රතිචාර පද්ධතිය මඟින් ගනුදෙනුකරුවන්ට DIMO ප්රදර්ශනාගාරවල ස්ථාපිත QR කේතය ස්කෑන් කිරීමෙන්, ඩිජිටල් ක්‍රමවේද ඔස්සේ ලීසිං විමසීම් ඉදිරිපත් කිරීමට හැකි අතර, එහි දී වේගවත් ප්‍රතිචාර සහ අනුමැතීන් ලබා ගැනීමේ හැකියාව ලැබීම තුළින් කාර්යක්ෂම සේවාවක් ලබා දීමට පෑන් ඒෂියා බැංකුව කටයුතු කරයි.
මෙම සහයෝගිතාව හරහා, පෑන් ඒෂියා බැංකුව මඟින් වසර 7ක් දක්වා ලීසිං ආපසු ගෙවීමේ කාල සීමාවක් ලබා දෙන අතර, ප්‍රවර්ධන කාලය තුළ බැංකුවේ සාමාන්‍ය ලීසිං අනුපාතවලට වඩා 0.5% ක පොලී අනුපාත අඩු කිරීමක්, පූර්ව අනුමත ක්‍රෙඩිට් කාඩ් පතක්, රක්ෂණ ගෙවීම් සඳහා 0% පොලී වාරික පහසුකමක් මෙන් ම ව්‍යාපාර හිමියන් සඳහා දැරිය හැකි හා නම්‍යශීලී ප්රතිලාභ රැසක් ලබා දීමට ද පෑන් ඒෂියා බැංකුව කටයුතු කරයි.
ඒ පිළිබඳ ව අදහස් දක්වමින් පෑන් ඒෂියා බැංකුවේ පාරිභෝගික ණය ප්‍රධානී යොහාන් ඊබල් මහතා මෙසේ පැවසුවේ ය. “ඩිජිටල් නවෝත්පාදනවලින් බල ගැන්වෙන පාරිභෝගික කේන්ද්‍රීය මූල්‍ය විසඳුම් ලබා දීම සඳහා අපගේ කැපවීම DIMO සමඟ ඇති කර ගත් මෙම සහයෝගිතාවෙන් මනා ව පිළිබිඹු වෙනවා. මෙම සුවිශේෂී සජීවී QR පාදක පාරිභෝගික විමර්ශන ප්‍රතිචාර පද්ධතිය, විශේෂයෙන් කාර්යක්ෂමතාව සහ පහසුව බලාපොරොත්තු වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා ඉතා හොඳ විසඳුමක් වන බව පැවසිය යුතු ම යි.\\\" යනුවෙනි.
මෙම ප්‍රවර්ධන වැඩසටහන යටතේ, ගනුදෙනුකරුවන් වෙත සුවිශේෂී දීමනා රැසක් ලබා දීමට DIMO සමාගම කටයුතු කරන බව ද සඳහන් කළ යුතු ම කරුණකි. ඒ අනුව TATA ACE HT2 (ඩීමෝ බට්ටා) සඳහා නොමිලේ ලියාපදිංචිය හා නොමිලේ රක්ෂණාවරණයක් ලබා දීමට, TATA Xenon Yodha – Single Cab රථය සඳහා නොමිලේ ලියාපදිංචිය හා නොමිලේ රක්ෂණය ලබා දීමට සහ TATA Super Ace සඳහා නොමිලේ ලියාපදිංචිය සහ රු. 50,000 දක්වා සුවිශේෂී වට්ටමක් ලබා දීමට DIMO සමාගම කටයුතු කරයි.
මෙහි දී අදහස් දක්වමින්, DIMO සමාගමේ වාණිජ වාහන අලෙවි අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සම්පත් කුමාරසිංහ මහතා පැවසුවේ, “DIMO සමාගම, පෑන් ඒෂියා බැංකුව සමඟ ගොඩනඟා ගත් මෙම සහයෝගිතාව මඟින් වාණිජ වාහන මිල දී ගන්නා පාරිභෝගික ජනතාවට ස්මාර්ට්, ඩිජිටල් මෙන් ම විශ්වසනීය මූල්‍ය විසඳුම් සමඟ ඒකාබද්ධ වූ පරිපූර්ණ සේවාවක් ලබා දීමට අපි කටයුතු කරන බව පැවසිය යුතු ම යි. මෙවැනි සහයෝගිතා ගොඩ නංවා ගනිමින්, අපගේ පාරිභෝගික ජනතාවගේ ව්‍යාපාර වර්ධනයට සහ මෙහෙයුම් කාර්යක්ෂමතාවට නිරන්තරයෙන් සහයෝගය ලබා දීමට අප කටයුතු කරන බව මෙහි දී අවධාරණය කිරීමට කැමතියි.\\\" යනුවෙනි.
පාරිභෝගිකයින්ට ඕනෑ ම DIMO ප්රදර්ශනාගාරයක් වෙතින් QR කේතය හරහා මෙම සේවා ලබා ගැනීමේ හැකියාව පවතින අතර, මෙම ප්‍රවර්ධන වැඩසටහන පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගැනීමට හෝ ඔබගේ ලීසිං අයදුම්පත් භාර දීමට ළඟ ම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න.
ඡායාරූප :
Pan Asia බැංකුවේ අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී නලීන් එදිරිසිංහ මහතා, DIMO විධායක අධ්යක්ෂ රජීව් පණ්ඩිතගේ මහතා සමඟ අවබෝධතා ගිවිසුම හුවමාරු කර ගන්නා අයුරු.
වමේ සිට දකුණට : ඩීමෝ සමාගම නියෝජනය කරමින් - චාමික ධර්මරත්න - අලෙවි විධායක, මනෝජ් වැවගෙදර - සහකාර කළමනාකරු, දීප්ත කුමාර - ජ්‍යේෂ්ඨ විකුණුම් කළමනාකරු, ජීවන්ත රණතුංග - ජ්‍යේෂ්ඨ විකුණුම් කළමනාකරු, සම්පත් කුමාරසිංහ - වාණිජ වාහන අලෙවි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, ශ්‍රී ලංකාව සහ භූතානය සඳහා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි) මොහොමඩ් රහිබ් ඛාන් සහ පෑන් ඒෂියා බැංකුව නියෝජනය කරමින් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ණය) ගයනාත් ද සිල්වා, පාරිභෝගික ණය ප්‍රධානී යොහාන් ඊබල්, අංශ භාර නිලධාරී (ලීසිං) සුදර්ශන හෙට්ටිආරච්චිගේ, ජ්‍යේෂ්ඨ කළමනාකාරිණී (නීති) ඉරෝෂිනී ද සිල්වා, කළමනාකරු (ලීසිං) කාංචන කන්නන්ගර සහ DIMO අලෙවි විධායක (වාණිජ වාහන) ඉෂිනී අතුකෝරල.